දොල කන්ද ළඟ
අට්ටික්කා ගහ ගාවට වෙලා..
උඹ එනකම් හැමදාමත්
හැන්දෑ යාමේ
මගේ සුදු මැණිකේ..
බලාන උන්නා මං...
ගමේ කෙල්ලෝ රොත්තට
පේන්න නෝක්කාඩු බැලුම්
හෙලුවට..
සත්තයි තරහ නෑ
ආදරෙයි සුදු මැණිකේ
පණටත් වඩා උඹට මං...
ආරංචියි උඩහ ගමේ
ආරච්චිගේ ලොකු පුතා
සිදාදියේ මහත්තයාට
උඹ සහේට දෙන්න යනවලු..
හිතට දුක උනාට
උඹේ අනාගතේ
සතුටින්නම්..
මගේ සුදු මැණිකේ
උඹ වෙනුවෙන්
හැමදාමත් තනියම
දුක් විඳින්නම් මං...
හසරැල්ල කියවූ අය
Thursday, April 20, 2017
Friday, April 7, 2017
අමුතු වේදනාව ...
මටත් දැනුනා ඒ වේදනාව
මා ඔහු සමග සිටිද්දී
ඔබ විඳි ඒ කටුක වේදනාව..
ඒක අමුතු වේදනාවක්
දාරාගන්න බැරි අමුතුම වේදනාවක්..
ඊර්ෂ්‍යාව ඇති දුක්බරම වේදනාවක්..
ඔබ ඇය සමග සිටිද්දී
මං වින්ඳා ඒ කටුක වේදනාව..
ඉතින්..
ඔබ ද මා ද හැමදාමත්
මේ අමුතු වේදනාව
විඳිය යුතුමය..
එහි කටුකත්වය හා ඊර්ෂ්‍යාව
දරාගත යුතුමය..
ඇගේ සහ ඔහුගේ සතුට වෙනුවෙන්...
මා ඔහු සමග සිටිද්දී
ඔබ විඳි ඒ කටුක වේදනාව..
ඒක අමුතු වේදනාවක්
දාරාගන්න බැරි අමුතුම වේදනාවක්..
ඊර්ෂ්‍යාව ඇති දුක්බරම වේදනාවක්..
ඔබ ඇය සමග සිටිද්දී
මං වින්ඳා ඒ කටුක වේදනාව..
ඉතින්..
ඔබ ද මා ද හැමදාමත්
මේ අමුතු වේදනාව
විඳිය යුතුමය..
එහි කටුකත්වය හා ඊර්ෂ්‍යාව
දරාගත යුතුමය..
ඇගේ සහ ඔහුගේ සතුට වෙනුවෙන්...
Thursday, April 6, 2017
සමුගනිමි නොකියාම ...
මගේ ප්‍රේමය
මෙය යැයි
ඔබ ට කෙලෙස
කියා දෙමි ද මං..
ඔබ තේරුම් ගන්නේ නැති ද
නොතේරුනා සේ සිටිනවා ද
දන්නේ නෑනේ මං..
මා නොකළ වරදකට
ඔබ මා දමා යන්නේ
කෙලෙසක කියාවත්
නොදනෙමි මං..
යන්න යන නුඹ ව
නවතන්නේ නැතිව
සිත හදා ගනිමි මං..
නුඹ මා දමා යන තැනක
සතුටින් සිටිනවානම්
හැමදාමත් තනියම
දුක් විඳින්නම් මං..

මෙය යැයි
ඔබ ට කෙලෙස
කියා දෙමි ද මං..
ඔබ තේරුම් ගන්නේ නැති ද
නොතේරුනා සේ සිටිනවා ද
දන්නේ නෑනේ මං..
මා නොකළ වරදකට
ඔබ මා දමා යන්නේ
කෙලෙසක කියාවත්
නොදනෙමි මං..
යන්න යන නුඹ ව
නවතන්නේ නැතිව
සිත හදා ගනිමි මං..
නුඹ මා දමා යන තැනක
සතුටින් සිටිනවානම්
හැමදාමත් තනියම
දුක් විඳින්නම් මං..
Sunday, April 2, 2017
තරහක් නෑ මං
නුඹේ හුස්ම ට
මගේ හුස්මත්
රන්දාලා..
ගුලි වෙන්න ට
ආසයි මට
සැනසීලා..
නුඹේ හුස්ම
හංගාගෙන
සැඟවීලා..
හිටිය ට
තරහක් නෑ
කියනෙමි මං
දුක හංගාලා..
මගේ හුස්මත්
රන්දාලා..
ගුලි වෙන්න ට
ආසයි මට
සැනසීලා..
නුඹේ හුස්ම
හංගාගෙන
සැඟවීලා..
හිටිය ට
තරහක් නෑ
කියනෙමි මං
දුක හංගාලා..
Subscribe to:
Posts (Atom)





