හසරැල්ල කියවූ අය

Monday, August 7, 2017

දේශපාලන සන්නිවේදනය යනු...

දේශපාලන සන්නිවේදනය යනු දේශපාලන ක‍්‍රියා පද්ධතිය තුළ පවතින සන්නිවේදන භූමිකාව යි”
                                                                                                                                                   -ඩැෆි-
                 
           මතු දැක්වෙන නිර්වචනය මගින් ධ්වනිත වන්නේ දේශපාලනය හා සන්නිවේදනය යන්න එකිනෙක අවියෝජනීය ව බැදී පවතින ක‍්‍රියා පද්ධතීන් දෙකක් බව යි. බහු විෂයික වටිනාකමකින් පරිපූර්නව පවතින සන්නිවේදන ක‍්‍රියාවලිය තුළින් දේශපාලනය ද විනිවිද දැකිය හැකි ය. මන්ද යත් දේශපාලන ක‍්‍රියාවලියෙහි සාර්ථකත්වය උදෙසා මෙම සන්නිවේදනය නොමසුරු දායකත්වයක් සපයන බැවිනි. ඒ අනුව දේශපාලන සන්නිවේදනය යන අරුත පැහැදිලි කිරීම ට උත්සහ දරන මහාචාර්ය සිවතම්බි සෝලාපුල් සදහන් කරන්නේ ”සීමිත අරුතකින් ගත්කල දේශපාලන සන්නිවේදනය යනු රාජ්‍ය කටයුතු පිළිබද තොරතුරු අදහස් හා ආකල්ප පතළ කිරීම සදහා පිහිටුවා ඇති ආයතනවල (මාධ්‍ය ආයතන) කිසියම් දේශපාලන ස්ථාවරයක් උදෙසා ග‍්‍රාහකයා තුළ බලපෑමක් ඇති කරන සියලූ ම සන්නිවේදන ක‍්‍රියාදාමයන් දේශපාලන සන්නිවේදන විෂය ක්‍ෂේත‍්‍රය ට අයත්වන බව පැහැදිලි ය” යනුවෙනි.
                 
සන්නිවේදනය, දේශපාලනය සමග ක‍්‍රියාත්මක වීම නිසා දේශපාලන සන්නිවේදනය යන්න විෂයක් ලෙස වර්ධනය වූවා යැයි සැලකෙන්නේ පළමු ලෝක යුද්ධයත් සමග ය. එනම් 20 වන සියවසේ මුල් දශකය තුළ ය. පළමු ලෝක යුද්ධයේ දී සන්නිවේදනය හා දේශපාලනය ක‍්‍රියාත්මක වූ ආකාරය අනුව දේශපාලන සන්නිවේදනය යන්න බිහිවුණු බව සලකනු ලබයි. හැරල්ඞ් ඞී. ලැස්වෙල් දක්වා ඇති අදහස් තුළින් ද මේ බව පැහැදිලි වේ. ඒ අනුව දේශපාලන සන්නිවේදනය පිළිබද ව අදහස් දැක් වූ මුල් ම පුද්ගලයා ලෙස ද මොහුගේ අදහස් සලකනු ලබයි.
                 තව ද දේශපාලන සන්නිවේදනය යන්න දළ අර්ථය කුමක්දැයි විමසා බැලීමේ දී සාකච්ඡාවන කණ්ඩායම් කිහිපයක් පිළිබද ව ද අවධානය යොමු කෙරේ. එම කණ්ඩායම් වනුයේ කිසියම් ආකාරයක ට පරිහරනය කරනු ලබන සන්නිවේදන ක‍්‍රමවේදයන් සහ යම් යම් පාර්ශවකරුවන් වේ. එනම්,

  •    දේශපාලන පක්‍ෂ
  •    රජය
  •    ඇමතිවරු
  •    කැබිනට් මණ්ඩලය
  •    ඡන්ද අපේක්‍ෂකයන්
  •    ඡන්ද දායකයින්
  •    මාධ්‍ය  

වැනි කණ්ඩායම් ය.


මතු දැක්වෙන පාර්ශවකරුවන් කිසියම් ආකාරයක ට මූලික ලෙස භාවිතා කරනු ලබන සන්නිවේදන විධි ක‍්‍රම දේශපාලන සන්නිවේදනය යන්න පොදුවේ නිර්වචනය කළ හැකි ය. රජයක් පවත්වාගෙන යාමේ දී දේශපාලන පක්‍ෂ, දේශපාලඥයින්, ඇමතිවරු යන කණ්ඩායම් විසින් භාවිතා කරන සන්නිවේදන ක‍්‍රමෝපායන් දේශපාලන සන්නිවේදනය යන්න අර්ථකථනය කළ හැකි ය. එබැවින් යට කියන ලද සියලූ ම අරුත් ගැන්වීම් තුළින් දේශපාලන සන්නිවේදනය යන්න කුමක්ද හා එය කුමනාකාරදැයි හා එ් හා සම්බන්ධ ක‍්‍රියාකාරකම් මොනවා දැයි හා එහි ආරම්භය කෙබදුදැයි මෙපරිදි දැක්විය හැකි ය.






Thursday, August 3, 2017

ලොකු නංගීට..

තාත්තාගේ දාඩිය සුවඳ
අම්මාගේ කිරිවල සුවඳ
නුඹේ ප්‍රේමයේ සුවඳ ලඟ
කෙදිනකවත් අමතක නොකරනු මැන..

නුඹ පතිකුලයට ගියත් අද                        දවසේ
නුඹ අපිට අගෙයි නංගියේ හැම               දවසේ
තරහා යාලුකම් අපගේ පෙර                     දවසේ
මතකෙට එනවිට කඳුලු නැගෙයි මගෙ     දෑසේ

නුඹයි අපේ නිවසට සිටි                      රුවැත්තී
අද සිට නුඹ වෙයි වෙන නිවසක     අරුමැත්තී
නමුදු නුඹ හැමදාම අපගෙයි                මුවැත්තී
පතමි නුඹ වෙන්න හැමගේ සිත            ඇත්තී

Dula..

හසරැල්ලේ ජනප්‍රියම ලිපි