හසරැල්ල කියවූ අය

Monday, May 29, 2017

සයිටම් එපා..

වෙද සිසුවරු
පාරේ නිරතුරු
ගසති කෑ
කෙළ සිඳෙනාතුරු
සැම දෙන බැන වදිති දැක
පාර හරස් වී අති අයුරු
ඔවුහු නොදනිති
කරුණු මේ වනතුරු
දැනගත් දා සැමට ම
පේන්නේ තරු...

Dula

ප්‍රේමයේ නාමයෙන්...

නුඹ නොදුන් නිදහස
මං හොයන් යනකොටයි
මට දැනුනේ
මං උඹේ නීතී අස්සේ
මගේ හැම හීනයක්
හිරකරන් කොච්චර
හූල්ලන්න ඇතිද කියලා
ආදරේ නාමයෙන්..!

Dula

නික්ම ගිය ඔහුට..

සිනහවක ඇඳි රූ සිරි
රැඟුමක පෑ දස්කම් අසිරි
හද පත්ලේ ඇත ගොස් ඉසිරි
රඟමඬල හැර ඔබ ගියත් විසිරි
සදාකල් මතකයේ රැඳේ විජය නන්දසිරි..

Dula

මීතොටමුල්ල කුණු කන්ද..

ටොෆි කොලයක්
ප්ලාස්ටික් කෑල්ලක්
කඩදාසි කැබැල්ලක්
බෝතල් කට්ටක්
බලන් කළ හදියක්...

සැනසුම..

ලස්සනට
හීනියට
ඉඳ හිට
ටික වෙලාවකට
හිත් පිඩිත්තට වහින
මල් වැස්ස...

Dula

අග බිසව..

අන්ත:පුර බිසෝවරුනි
වෙනස කිම..
අපට එක රජෙකි
         ඉතින්
අග වුව කුමට
ආලය බෙදී යන කල...

Dula

තරුවන් ඔබ..

දිලිසෙයි
ලස්සනයි
ඒත්
අල්ලන්න ට
අමාරුයි..

Dula

කඳුලු ගෑස්..

ඇස් වැහෙන්න ට
විසිර දුවන්නට
ගැහුවට..
උන් දන්නේ නෑ
ඇස් ඇරෙන්නෙත්
එකතු වෙන්නෙත්
ශක්තිමත් වෙන්නෙත්
එතකොට කියලා...

Dula

පාට...

උඹ කලු බව
මට අදාළ නෑ
මං ආදරේ
උඹේ හදවත ට
     මිසක්
උඹේ හමේ
පාටට නෙමේ..

Dula

Sunday, May 28, 2017

වෙනස...

නුඹ දන්නේ රිදවන්න
මාව අඬවන්න
තනිකරලා ඉන්න..

මට ඕනේ හිනහෙන්න
මාව සනසන්න
නුඹ ගාවම ඉන්න..

නුඹ දන්නේ අතරින්න
මාව අඬවන්න
තනිකරලා යන්න..

මට ඕනේ ලඟ ඉන්න
නුඹව සනසන්න
අත් නොහැරම ඉන්න..

Dula

Wednesday, May 24, 2017

මගේ ආදරී...

නුඹ එනකොට
ගෙනාපු සතුට
නුඹ යනකොට
නොකියාම මට
අරගෙන ගියාට
දුක නෑ මට..

ඒත්...

නුඹ ආවේ හිස් අතින්
නුඹ යන්නේ මගේ ලඟින්
අරගෙන මගේ හදින්
ලොකුම කොටසක් කපන්
හරි මැදින්..

ඉතින්...

නුඹ ගියාට කම් නැත
ආපසු එන්නට මග නැත
නුඹ මා දමා ගිය අත
සදා හිඳිනු මට දුක නැත..

Dula..

Wednesday, May 17, 2017

ඒක දුක්බර හාදුවක් ...

මා දමා යන

මොහොතේ..

ආයේ එන්නේ නෑ

කියලා..

ඔබ මගේ නලල ට

දුන්නු හාදුව..

දන්නවද..

ඒ මට

ඔබෙන් ලැබුණු

දුක්බරම හාදුව...

අහිමි වීමද හිමි වීමකි ..

ආදරෙයි කියලා 
     
රවටා යන්න

ගියා  ඔබ

දුර  ඈතට...

අහිමි  වුණා

ඔබ සදාකාලිකවම..

අහිමි වීමද හිමි වීමකි...

කියලා දුන්නා මම

මගේ දුක්බර  හිතට...

හසරැල්ලේ ජනප්‍රියම ලිපි