ආදරය පුදුමාකාරය. එහි අර්ථය කෙබඳුදැයි විග‍්‍රහ කරන්න ට ලොව
කිසිවෙකුටවත් නොහැකි ය. ආදරය ජීවිතය හා බැඳී පවතිනැයි කිව හැකි ය. ආදරය කුමන
ආකාරයෙන් කා හට හෝ කවුරුන් කෙරෙහි හෝ ඇති විය හැකි ය. නමුත් අපි එලෙස ආදරය කරන්නා වූ
සෑම පුද්ගලයකුම අපට ආදරය කරන්නේ නැත. එක් අයෙක් වෙනුවෙන් අප සිත තුළ හට ගන්නා වූ
ආදරණීය හැගිම් තුළින් අපි ඒ පුද්ගලයා දෙස ආදරණීය ලෙස බැලීම ට පුරුදු වේ. එම හැගිම්, බැලීම් තුළින් අප චිත්ත අභ්‍යන්තරයේ හට
ගන්නා වූ සිතුවිලි අනෙකාට හැදින ගැනීම ට හැකි වේ. ඔවුන් ද අප දෙස එලෙස ම බලයි.
නමුත් ඔවුන් අප හැගීම් නොතේරුනා සේ කල් ගෙවයි. එවන් අවස්ථා තුළ අප හද ට දැනෙන
වේදනාව වචනයෙන් විස්තර කළ නොහැකි ය. නමුත් ඒ වේදනාව තුළ ගැබ් වී ඇති අහිංසක හැගීම්
ගැන අප හැර කවුරු දනිත් ද?
මෙලෙස
අපි ආදරය කරන ඔවුන් අප හා මුසු වන්නේ අප ගැන ඔවුන්ගේ සිත තුළ ද ආදරයක් ඇති
ආකාරයෙනි. නමුත් එය සත්‍ය නොවේ. එය මායාවකි. අපි එය සත්‍ය ආදරයක් යැයි සිතා රැවටේ.
ආදරයේ එක් පැතිකඩක යථාර්ථය මෙය නොවේද?
Dula..
No comments:
Post a Comment