මිනිසාට තම
අදහස්, හැඟීම් හා සිතුවිලි ආදිය හුවමාරු කර
ගැනීම ට, ප‍්‍රකාශ කිරීම ට
කිසියම් වූ මාධ්‍යයක් අත්‍යවශ්‍ය වේ. මිනිසාගේ මෙම අවශ්‍යතාවය හේතු කොටගෙන විවිධ
මාධ්‍ය බිහි වුණා යැයි පැවසිය හැකි ය.මිනිසාගේ බිහි වීමත් සමග ම ආරම්භ වී ඇති
සන්නිවේදනය වර්තමානය වනවිට ලොව තුළ මහා පෙරළියක් සිදු කර ඇත. සන්නිවේදනයෙන් තොර ව
සමාජ පැවැත්මක් නොමැති බව ඒ ඔස්සේ වටහා ගත හැකි ය. තාක්ෂණයේ දියුණුව හා නව
සොයාගැනීම් හි දියුණුවත් සමග ම විවිධ සන්නිවේදන මාධ්‍ය බිහි වී ඇත. මෙකී සන්නිවේදන
මාධ්‍ය සමාජය තුළ නිරන්තරයෙන් විවිධ වූ බලපෑම්වලට ලක් වනවා මෙන් ම ඒ තුළින් සමාජය
ට විවිධ වූ බලපෑම් එල්ල කිරීම දැක ගත හැකි ය.
එය හේතුකොටගෙන එකී මාධ්‍යයන්ගේ මෙන් ම සමාජයේ
යහපත උදෙසා එහි ක‍්‍රියාකාරිත්වය
සීමා පනවමින් ආචාරධර්ම පද්ධතියක් බිහි වී ඇති ආකාරය පෙන්වා දිය හැකි ය. ආචාරධර්ම
හා වාරණය, මාධ්‍ය හා මාධ්‍ය
අධ්‍යයනය සමග දැඩි ව සබඳතා පවත්වන්නක් ලෙස පෙන්වා දිය හැකි ය. ආචාර ධර්ම මාධ්‍ය
ක්ෂේත‍්‍රය ට කොතරම් දුර ට බලපෑමක් එල්ල කරනු ලබනව ද කිවහොත් සන්නිවේදන අධ්‍යයනය ට
හා මාධ්‍ය අධ්‍යයනයටත් වඩා නුතනය වන විට එම ආචාර ධර්ම පිළිබඳ ව කතා බහ කරනු ලබයි.
මෙම ක‍්‍රියාවලිය ට යොදාගනු ලබන මාධ්‍ය වශයෙන් මුද්‍රිත මාධ්‍ය ඔස්සේ
පොත්පත්, සඟරා, පෝස්ටර් සහ පුවත්පත් ආදිය ද, විද්්‍යුත් මාධ්‍ය ඔස්සේ ගුවන් විදුලිය, රූපවාහිනිය, සිනමාව හා විනිවිදක ප‍්‍රක්ෂේපණ ඇතුළු ව ශ‍්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයන් ද
සාම්ප‍්‍රදායික මාධ්‍ය ඔස්සේ ගැමි නාටක, නාඩගම්, කෝලම්, ශාන්තිකර්ම, රූකඩ සංදර්ශන, කවිමඩු, කවි කොළ හා කැලෑ පත්තර ද, නුතන මාධ්‍ය ඔස්සේ විද්‍යුත් තැපෑල, අන්තර්ජාලය, චන්ද්‍රිකා තාක්ෂණය යන මාධ්‍යයන් පෙන්වා දිය හැකි ය.
යථෝක්තයේ දැක්වෙන ජන මාධ්‍යයන් මගින් සිය පාඨක, ශ‍්‍රාවක, පේ‍්‍රක්ෂක, ජනතාව ට ලබා දෙන
ප‍්‍රවෘත්ති, වාර්තා හා
විශේෂාංග මගින් ප‍්‍රධාන කරුණු 4ක් ඉටු කරනු ලබයි. එනම්,
- තොරතුරු හා ප‍්‍රවෘත්ති ලබා දීම
- අධ්‍යාපනය හා දැනුම ලබා දීම
- විනෝදාස්වාදය ලබා දීම
- විවිධ කාර්යයන් සඳහා පෙළඹවීමක් ඇති කිරීම
යන කරුණු පෙන්වා දිය හැකි ය.
මෙලෙස විවිධ කාර්යයන් හා අරමුණු ඉටු කරගනු වස් ග‍්‍රහකස්ථානගත
කරනු ලබන විවිධ වූ තොරතුරු පිළිබඳ ව එකී මාධ්‍ය ආයතන වගකිව යුතු බව ද පෙන්වාදිය
හැකි ය. ජනමාධ්‍ය ආයතන මගින් නිෂ්පාදනය කරන මානසික භාණ්ඩ නොයෙක් රුචි අරුචිකම්
සහිත ග‍්‍රාහක පිරිසක් තම අවශ්‍යතා සපුරා ගනු වස් පරිහරණය කරන බැවින් මාධ්‍යයන්ගේ
අරමුණ ද විවිධාකාර වේ. එම නිසා ජනමාධ්‍යවේදියා ජනතාව වෙත ගෙන එන ප‍්‍රවෘත්ති, වාර්තා හා විශේෂාංගවල අවංක භාවය හා සත්‍යවාදී භාවය
ඉතා වැදගත් වේ. මේ හේතුවෙන් වෘත්තීය ජනමාධ්‍යවේදීන් ඉතාමත් වැදගත් කරුණු 2ක් කෙරෙහි අවධානය යොමු කළ යුතු ය.
- පණිවුඩයේ විශ්වසනීයත්වය.
- මුලාශ‍්‍රයේ විශ්වසනීයත්වය.
මේ ආකාරය ට තොරතුරුවල
විශ්වසනීයත්වය ගැන සැලකිල්ලක් දක්වනවා සේ ම, තොරතුරු බිහි කිරීම ට උපකාරී වූ මුලාශ‍්‍රයේ විශ්වසනීයත්වය ගැන ද මාධ්‍යවේදියා
සිය ප‍්‍රවෘත්තිය සම්බන්ධ ව වගකීම ඉසිලිය හැකි මුලාශ‍්‍රවලින් පමණක් තොරතුරු සොයා
කරගැනීම ට අවධානය යොමු කළ යුතු ය. මෙකී මුලාශ‍්‍රය පුද්ගලයෙකු හෝ සංවිධානයක් හෝ
පොතක් හෝ වෙනයම් ලේඛනයක් හෝ වීම ට පුළුවන. එහෙත් එහි විශ්වසනියත්වය පිළිබඳ ව වඩාත්
සුපරික්ෂාකාරී වීම මාධ්‍යවේදියෙකුගේ වගකීම මෙන් ම යුතුකමක් ද වේ.
තව ද ජනමාධ්‍ය විශේෂඥයින් කරන ලද පර්යේෂණවල දී
ජනමාධ්‍ය කාර්යභාරය ප‍්‍රධාන කරුණු 03ක් මත රඳා පවතින බව හෙළි වී තිබේ. එ නම්,
- ආරක්ෂකයෙකු වශයෙන්
- මණ්ඩපයක් වශයෙන්
- ගුරුවරයෙකු වශයෙන්
නමුත් යට කී පරිදි ජනමාධ්‍ය කාර්ය භාරය මෙසේ
පැවතිය ද ජනමාධ්‍ය ක‍්‍රියාකාරිත්වයේ දී සමාජ වගකීම පිළිබඳ ගැටලූ ව මතු වේ.
වර්තමාන ජනමාධ්‍යයන් මෙම සමාජ වගකීම ඉටු කරන්නේ ද යන්න පිළිබඳ ව අවධානය යොමු කළ
යුතු ය. මෙහි දී ජනමාධ්‍ය ආචාරධර්මවල ට සුවිශේෂී ස්ථානයක් හිමි වේ.
ජනතා අයිතිවාසිකම්වල මුර බල්ලන් හෙවත් අපක්ෂපාත
අධික්ෂකයන් වශයෙන් කටයුතු කළ යුතු ජනමාධ්‍ය අද එකී න්‍යාය අමතක කර දමා ජනමාධ්‍ය
තුළ දේශපාලකයින්ගේ ත්, ව්‍යාපාරිකයින්ගේ
ත් අවශ්‍යතා ජනතාව වෙත ට ගෙන යන ක‍්‍රියාවලියක යෙදෙන බව වත්මනෙහි දැකගත හැකි ය.
මෙවැනි පසුබිමක් යටතේ පවතින මෙරට මාධ්‍ය කලාව යම්තාක් දුරට හෝ සමාජ වගකීමක් නම් වූ
පාර්ශවය වෙත යොමුකරගත හැකි වනුයේ ජනමාධ්‍ය මුලධර්ම හා ආචාරධර්ම සුරකින ජනමාධ්‍ය
සංස්කෘතියක් හා පරපුරක් බිහි කිරීමෙන් බව කිව හැකි ය.
යට කී පරිදි ජනමාධ්‍ය ක‍්‍රියාවලිය තුළ බහුලව ම
ආචාරධර්ම පිළිබඳ ව අත්‍යවශ්‍ය වැදගත්කමක් ඇති බව දැකගත හැකි ය.
No comments:
Post a Comment